රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට කැබිනට් අනුමැතිය
Reported by Lankadeepa
9 hours ago
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. කහතුඩුවේ පද්ධති අන්තර් හුවමාරුව ඇතුළු කහතුඩුව සිට ඉංගිරිය දක්වා මාර්ග කොටස ඉදිකිරීමට නියමිත අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළ නිම කිරීමට සැලසුම් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුවක් ඇතුළත් රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ කහතුඩුවේදී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන පළමු අදියර මාර්ග කොටස සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළ නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමයි.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තු පිරිවැයක් සහිතව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට නියමිතය.