MasalaDosa

නඩු ගොඩගැසීම විසඳීමට විනිසුරු විශ්‍රාම වයස ඉහළට

Reported by Lankadeepa
4 hours ago

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බවයි. මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් අමාත්‍යවරයා පැවසුවේ රජය නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ගැටලු ද විසඳීමට කඩිනමින් මැදිහත් වන බවයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹදී පැවසුවේ අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙය එක් පියවරක් වන අතර, ඊට අමතරව නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ගැටලු විසඳීමට ද රජය කඩිනමින් මැදිහත් වන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අධිකරණ අමාත්‍යාංශයේ හා අධිකරණවල පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහා ද රජය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Original source: Lankadeepa ↗