7.1ක භූමිකම්පාවෙන් වෙළඳ සංකීර්ණයක් කඩා වැටී බොහෝ දෙනෙක් සිරවී සිටිති
Reported by Lankadeepa
11 hours ago
ජපානයේ කියුෂු දූපතට බලපෑ රික්ටර් 7.1ක ප්‍රබල භූමිකම්පාවකින් පසු කුමමොටෝ ප්‍රදේශයේ ඉයෝන් මෝල් වෙළඳ සංකීර්ණය කඩා වැටී ඇති අතර, සුන්බුන් අතර බොහෝ දෙනෙක් සිරවී සිටිති. භූමිකම්පාවත් සමග 150,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත.
ජපානයට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලතාවයක් සහිත භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩා වැටී ඇති බව වාර්තා වේ. එම සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී සිටින බවට තොරතුරු ලැබේ.
මෙම භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වූයේ කියුෂු දූපතටය. කඩා වැටී ඇත්තේ කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රදේශයේ පිහිටි ඉයෝන් මෝල් නමැති ප්‍රකට වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලයි. භූමිකම්පාව සමග 150,000කට වැඩි පිරිසක් වහාම ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට කටයුතු කළ බව ද වාර්තා වේ.