නීති විරෝධී මැණික් කැණීම: කළු ගඟේ පරිසර හානියක් කරමින් 25ක් අත්අඩංගුවට
Reported by Lankadeepa
9 hours ago
වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් හොරණ ගන්කන්ද ප්රදේශයේ මාවක්කුමෝදර කළු ඟග ආශ්රිතව සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමග බෝට්ටු 14ක්, මෝටර් 06ක් ඇතුළු රුපියල් කෝටි 07ක් පමණ වටිනා උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් අතර මෙම ජාවාරම දිගු කාලයක් පුරා පැවතීම නිසා දැවැන්ත පරිසර හානියක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
හොරණ ගන්කන්ද ප්රදේශයේ මාවක්කුමෝදර කළු ගඟ ආශ්රිතව නීති විරෝධී ලෙස මැණික් කැණීම් කරන බවට ලද තොරතුරක් මත වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර තිබේ.
එම වැටලීමේදී පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් සතුව තිබූ බෝට්ටු 14ක්, මෝටර් 06ක් ඇතුළු රුපියල් කෝටි 07ක් පමණ වටිනා උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන බණ්ඩාරගම, හොරණ, මිල්ලනිය හා මොරොන්තුඩුව යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, මෙම ජාවාරම දිගු කාලයක් තිස්සේ සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවත් පොලීසිය පෙන්වා දෙයි.