සියැට්ල් වෙඩි තැබීමට සැකපිට 15 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
Reported by Lankadeepa
11 hours ago
ඇමරිකාවේ සියැට්ල් නගරයේ පැවති වාර්ෂික ආහාර උත්සවයකදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් 15 හැවිරිදි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, එය මැර කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැට්ල් නගරයේ පැවැති වාර්ෂික ආහාර උත්සවයකදී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 15 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නගරයේ පොලිසිය නිවේදනය කළේය.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සිව්දෙනෙකු තුවාල ලැබූහ. අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය ප්‍රකාශ කළේ අවම වශයෙන් තිදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බවත්, එක් සැකකරුවෙකු සිද්ධිය වූ ස්ථානයේදීම වෙඩි පහරින් මිය ගොස් සිටි බවත්ය.
අනෙක් සැකකරුගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැති අතර, මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මෙම වෙඩි තැබීම මැර කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව විශ්වාස කරන බවද පොලිසිය පැවසීය.