MasalaDosa

ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමය ක්‍රියාත්මක වේ

Reported by Lankadeepa
4 hours ago

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේ, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ‍්‍රවනාගාරයේදී අද (28) පස්වරුවේ පැවැත්විණි.

එහිදී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

Original source: Lankadeepa ↗