කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන සීමාවක්
Reported by Lankadeepa
4 hours ago
නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර නාවල-නාරාහේන්පිට පාර දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අගෝස්තු 1 වැනිදා දුම්රිය ධාවනය සීමා කරන බවත් අගෝස්තු 2 වැනිදා එම හරස් මාර්ගය වසා තබන බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල-නාරාහේන්පිට පාර නම් දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා අගෝස්තු 1 වැනිදා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය සීමා කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රකාශ කර තිබේ.
එම දුම්රිය හරස් මාර්ගය අගෝස්තු 2 වැනිදා සම්පූර්ණයෙන්ම වසා තැබීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර ඇත.