අනාගත පරපුරට ණය ගෙවීමට ඉඩ නොතබන බව ජනාධිපති පවසයි
Reported by Lankadeepa
4 hours ago
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ රාජ්‍ය පවත්වාගෙන යාමට වැඩි ප්‍රතිපාදන වැය කිරීම සාධාරණ නොවන බවත්, පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත්ය. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර එය 40%ක වැඩිවීමකි. අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය පරිපාලනයට වැය කරන අධික ප්‍රතිපාදන ජනතාවට අයුක්ති සහගත බවත්, වර්තමානයේ සියයට 9ක්ව පවතින පුනරාවර්තන වියදම් අඩු කර සියයට 4ක්වන ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමට ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2027 වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර එය සියයට 40ක පමණ වැඩිවීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (28) පැවති දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා ද පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.
භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට යොදවන බවත්, අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.