MasalaDosa

දෙවිනුවර කාවඩි උත්සවයට පැමිණි මීගමුවේ තිදෙනෙක් මත්ද්රව්‍ය සමඟ අත්අඩංගුවට

Reported by Lankadeepa
5 hours ago

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යයේ කාවඩි පෙරහරට සහභාගී වීමට මීගමුවේ සිට පැමිණි තිදෙනෙකු ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට පොලිස් පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ කාවඩි පෙරහරට අදාළ මතභේදාත්මක තත්වයක් මධ්‍යයේ වන අතර, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ තර්ජන හා වෙඩි ප්‍රහාරයක් ද වාර්තා විය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ දෙවිනුවර දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ හයවන පෙරහර ආරම්භ වීමට පෙර කාවඩි පෙර මඩු බැසීමේ චාරිත්‍රයේ නිරත පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තිදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි.

මීගමුවේ සිට කාවඩි නර්ථනාංගය සඳහා සහභාගී වීමට දෙවිනුවරට පැමිණ සිටි කාවඩි කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය හමුවූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊළඟ දිනයේ (29 වැනිදා) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දෙවිනුවර දේවාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ කාවඩි පෙරහර සම්බන්ධයෙන් පසුගිය දිනවල රට තුළ දැඩි කතාබහක් ඇති විය. ඊට හේතුව වූයේ පෙර වසරේ මත්ද්‍රව්‍ය හා අශෝභන ලෙස හැසිරුණු බවට හඳුනාගත් කාවඩි කණ්ඩායම් කිහිපයක් ඉවත් කොට සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට පමණක් ඉඩ ලබා දීමට බස්නායක නිලමේවරයා ඇතුළු පෙරහර කමිටුව ගත් තීරණයයි.

එම තීරණයට පක්ෂව හා විපක්ෂව දෙවිනුවර නගරයේ විරෝධතා පැවති අතර, පසුව සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානී ඉම්රාන් නැමැත්තා යයි කියන පුද්ගලයෙකු දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුශංක මහතාට මරණ තර්ජනය කරමින් සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව සලසා දෙන ලෙසත් එසේ නොවුවහොත් නිලමේවරයාගේ අවසන් පෙරහර මෙය බවට පත් කරන බවටත් හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

ඊට ප්‍රතිචාර ලෙස සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙහිගෙදර බාලේ මල්ලී නැමැත්තා කංජිපානී ඉම්රාන්ට අභියෝග කරමින් කියා සිටියේ දෙවිනුවර පෙරහරට අත තැබුවහොත් වළවල් දහයක් කපාගෙන සිටින ලෙසටය. එම අතරතුර දෙවිනුවර දේවාලය පිටුපස පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි වගකීම දෙහිබාලේ මල්ලී විසින් භාරගත් බවට හඬ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමින් පොලිස්පතිවරයා පසුගිය 26 වැනිදා මාතර මහ දිසාපතිවරයා වෙත නිර්දේශයක් එවා තිබුණේ හය පේළි පෙරහරෙන් කාවඩි අංගය ඉවත් කරන ලෙසයි. කෙසේ වෙතත්, පසුව එම තහනම ඉවත් කරන ලදී.

Original source: Lankadeepa ↗