අග්‍රාමාත්‍ය කාර්යාලයට අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ
Reported by Lankadeepa
11 hours ago
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එම්.ජේ. එස්. රවිසිංහ මහතා පුර්ණ කාලීන වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ මහතා 2026 ජනවාරි 01 දින සිට විශේෂ ශ්‍රේණියට උසස් කර ඇති අතර, එම පදනමින් ස්ථිර පත්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරියගේ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එම්.ජේ. එස්. රවිසිංහ මහතා පුර්ණ කාලීන වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එම්.ජේ. එස්. රවිසිංහ මහතා 2026-01-01 දින සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කර ඇත. ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරට ස්ථිර පදනමින් ඔහු පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.