සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල විරෝධතාවයක්
Reported by Lankadeepa
11 hours ago
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධාරීන්ගේ එකමුතුව කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. රජයේ සෞඛ්‍ය පීඨ උපාධිධාරින් බඳවා ගැනීමට කුසලතාවට ප්‍රමුඛතාවය දෙන ක්‍රමවේදයක් සැලසීමට සහ හරිනි නලින්ද ප්‍රතිපත්තිය ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධාරීන්ගේ එකමුතුව අද (28) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.
ඔවුන්ගේ ඉල්ලීම් අතර රජයේ සෞඛ්‍ය පීඨ උපාධිධාරින් බඳවා ගැනීමේදී කුසලතාවට ප්‍රමුඛතාවය දෙන ක්‍රමයක් සකස් කරන ලෙසත්, හරිනි නලින්ද ප්‍රතිපත්තිය ඉවත් කරන ලෙසත් විය.
උද්ඝෝෂකයෝ සටන් පාඨ කියමින් තම ඉල්ලීම් ප්‍රකාශ කළහ. (ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)