එල් නිනෝ ආවත් ජල කප්පාදුවක් නෑ
Reported by Lankadeepa
11 hours ago
එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් සැලසුම් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කෙසේ වුවද, ඉදිරියේදී ජල මට්ටම අඩු වී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි සංවර්ධන අධිකාරියට සීමා පැනවීමට සිදු වුවහොත් පමණක් ජල සැපයුම සීමා කිරීමට බල කෙරෙනු ඇති බව මණ්ඩල සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසන්නේ එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් වුවද රටේ කිසිදු ප්රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මේ දක්වා සූදානමක් නොමැති බවයි.
පානීය ජලය ලබා ගන්නා ප්රධාන ජලාශ භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ජලය ලබා ගැනීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බැවින්, මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යන බව ඔහු පැවසීය.
කෙසේ වුවද, ඉදිරියේදී ජල මට්ටම ඉතා පහළ මට්ටමකට ඇද වැටී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි සංවර්ධන අධිකාරියට සීමා පැනවීමට සිදු වුවහොත් පමණක්, එම මොහොතේ උදාවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරීම වැනි ඉදිරි ක්රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව ද ඔහු පැවසීය.
මෙම දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා මණ්ඩලය විශේෂ පූර්ව සූදානමක නිරත වන අතර, භූගත ජලය වැඩිපුර ලබා ගැනීම සඳහා පවතින නල ළිං පද්ධති වැඩිදියුණු කිරීමට ද පියවර ගනිමින් සිටින බව චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.